අද සිට ක්‍රියාත්මක වන පරිදි රු.5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව සම්පූර්ණයෙන්ම ඉවත් කර තිඛෙනවා.
මෙය ක්‍රියාවට නංවා ඇත්තේ මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ක්‍රියාත්මක වන “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියට” සමගාමීවයි.
එහි සමාරම්භක වැඩසටහන අද පැවැත්වුණෙ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජාතික QR ප්‍රචලිත කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා.
ශ්‍රී ලංකාවට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ආරම්භ වූ මෙම වැඩසටහෙන් මූලික අරමුණ වී ඇත්තේ මෙරට කාසි හා නෝට්ටු භාවිතය අවම කිරිමයි.
ජාතික QR ගෙවීම ප්‍රවර්ධන වැඩසටහන මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස සංකේතාත්මකව ආරම්භ වුණා.




