බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් තෙවන චාල්ස් රජුගේ සොහොයුරෙකු වන ඇන්ඩෘ මවුන්ට්බැටන් වින්ඩ්සර්, පැය 11 කට පසු පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කර තිබෙනවා.
රාජ්‍ය නිලයක් දරන සමයේ සිදු කළ බව කියන බරපතල විෂමාචාරයක් සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගැනුනේ ඊයේ දිනට යෙදී තිබු ඔහුගේ 66 වන උපන් දිනයේදීයී.
අතර, තේම්ස් නිම්න පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඔහුට ඇති චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කර නොමැති බවයි.
ඇන්ඩෘ කුමරු බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන පිළිබඳ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කළ සමයේදී, රජයට අයත් රහස්‍ය තොරතුරු සහ ලිපිගොනු අනිසි ලෙස පරිශීලනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඔහු විසින් මෙම රහස්‍ය තොරතුරු මියගිය ඇමරිකානු ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් වෙත ලබා දුන් බවට එල්ල වූ පැමිණිල්ලක් මත පදනම්වයි මෙම පරීක්ෂණ ආරම්භ කෙරුණේ.




