අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නියෝග ප්‍රකාරව අද පෙරවරුවේ දී පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කෙරුණා.
මෙම හදිසි පාර්ලිමේන්තු සැසිය කැඳවා තිබුනේ දිට්වා සුලි කුණාටු ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහායි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අද සහ හෙට යන දෙදින පාර්ලිමේන්තුව රැස් වෙනවා.
මෙම සැසි වාරයේ දී හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
පසුව එය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කර එහි අනුමැතියද ලබා ගැනිමට නියමිතවයි.
මේ අතර අද පස්වරුව 5.30 දක්වා අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළා.
ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ නිරිමේ නිවේදනය ඉදිරිපත් කළා.





