අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ගේ ඉල්ලීම පරිදි 18 සහ 19 වන දෙදින පාර්ලිමේන්තුව රැස්වෙයි

මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ගේ ඉල්ලීම පරිදි 18 වන හෙට සහ 19 වන දෙදින පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද තීරණය කෙරුනා.
ඒ අනුව හෙට පෙ.ව 9.30 පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිතයි.
අනතුරුව අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළා.

Share