හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාලන ලේකම්වරයෙක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වූ නන්දන ගුණතිලක මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට 64 හැවිරිදි වියේ පසුවුණා.
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

Share