හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ දී වෑන් රථයක ගැටී වන අලියෙකු මරුට

අද අලුයම 1ට පමණ හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 124 කිලෝමීටර් කණුව අසලින් ධාවනය වූ වෑන් රථයක වන අලියෙකු ගැටී මියගොස් තිබෙනවා
එම අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ කාන්තාවක් හබරණ රෝහලට ඇතුළත් කෙරුණු බවයි අප වාර්තාකරු සදහන් කලේ
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට හුරුලු පාරිසරික උද්‍යානය දක්වා ප්‍රධාන මාර්ගය හරහා මාරුවීමේදී වනඅලියා වෑන් රථයේ ගැටී ඇති බවයි කවුඩුල්ල වනජීවි නිලධාරීන් පවසන්නේ

Share