සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 126 වැන්න නිකවැරටිය ,කොටවෙහෙරට

මෙරට මාධ්‍ය ආයතනයක් විසින් දියත් කරණ දැවැන්තම සමාජ සත්කාරක වැඩසටහනක් වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 126 වැනි අදියර අද පැවැත්වෙනවා
ඒ නිකවැරටිය ,කොටවෙහෙර සුදීරගම සුදම් සභා විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින්.
අපේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් මෙරට ගම් දනව් පුරා ක්‍රියාත්මක වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රාවේ 126 වැනි අදියර මේ වන විට පැවැත්වෙනවා
ඒ නිකවැරටිය ,කොටවෙහෙර සුදීරගම සුදම් සභා විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින්
වයස අවුරුදු 55ට වැඩි, අඩු ආදයම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක වන මෙම සත්කාරය අද දහවල් 2.00 දක්වා පැවැත්වෙනවා.
මෙම සේවාවේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අද උදෑසන සිටම නිකවැරටිය ,කොට වෙහෙර සුදීරගම සුදම් සභා විහාරස්ථාන පරිශ්‍රයට එක් රැස්ව සිටිනු මෙලෙස දක්නට ලැබුණා.
මෙම සමාජ සත්කාර වැඩසටහන මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කරගනිමින් පුද්ගලික ආයතනයක් විසින් එතෙක් මෙතෙක් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්තම සමාජ සත්කාරක මෙහෙවරයි.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති ආර්.එම් මනිවන්නන් මහතාගේ සංකල්පයකට අනුව දියත් කරන මෙම ආයතනික සමාජ සත්කාර වැඩසටහන දිවයිනේ ග්‍රාම සේවා කොට්ඨාස 14023 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා පැවැත්වෙන මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා පූර්ණ මාධ්‍ය දායකත්වය හා සම්බන්ධීකරණ සැලසුම් කටයුතු සිදු කෙරෙන්නේ, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගම් වන ටීවී සුප්‍රීම් සහ සුප්‍රීම් රේඩියෝ නාලිකා විසින්.
හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙහි සියලුම සේවා සම්පාදන කටයුතු සිදු කරන අතර අත්දැකීම් සහිත වෛද්‍ය මණ්ඩලයක් හා සහායක කාර්ය මණ්ඩලයක් හරහා එම සේවාවන් ක්‍රියත්මක වනවා.
අද දින සිට මෙම දැවැන්ත සමාජ සත්කාරය සඳහා විශාල ශක්තියක් සපයමින් ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් ද එක් ව සිටියේ යුද හමුදාපති තුමාගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේයි. සිය රාජකාරී කඳවුරු සීමාවේ ජීවත් වන වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් එම සාමාජික සාමාජිකයින් මෙම සමාජ සත්කාරක කඳවුර තුළ සහාය වෙමින් ඔවුන්ට අවශ්‍ය උපකාර සිදු කරනු ලබනවා.
ඒ අනුව ඉදිරියේදී ගමින් ගමට මනුසත්කමේ සුවඳ රැගෙන සුප්‍රීම් කෙයාර් ජනසුව යාත්‍රා යන ගමනේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවත් අප සමග අත්වැල් බැඳගනු ඇති.
නොමිළේ සිදු කෙරෙන මෙම සමාජ මෙහෙවර යටතේ අක්ෂි පරික්ෂාව, ඇසේ සුද ඇති බවට හඳුනා ගන්නා රෝගී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සැත්කම් මගින් කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීම, බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්ම කිරීම, දෘශ්‍ය ඌනතා සහිත අයට උපැස්‍ යුවල ලබාදීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදේශනයන් සිදු කිරීම වැනි සේවාවන් රැසක් ක්‍රියාවට නැංවෙනවා.
මෙම මාහැඟි සමාජ සත්කාරක ව්‍යාපෘතියට සමගාමීව රටේ තරුණ තරුණියන්ගේ ජීවිත ජයගන්නා අලුත් බලාපොරොත්තුවක් ද ඔබ වෙත ගෙන එන්නට සුප්‍රීම් දිරි ශක්ති කලාපය සූදානම් කර තිබෙනවා.
මෙහි දී දෙස් විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වීමේ හා අයදුම් කිරීමේ අවස්ථාව ප්‍රදේශය අවට තරුණ ප්‍රජාවට හිමිවනවා.
එය ක්‍රියාත්මක වන්නේ වසර 20කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත ටස්මා ඉන්ටනැෂනල් මෑන්පවර් පුද්ගලික සමාගම සමගින්.
සුප්‍රීම් කෙයාර් ජනසුව යාත්‍රා වැඩසටහන හරහා සත්කාරක සේවාවන් ලබාගත් නිකවැරටිය, රස්නායකපුරරදේශවාසීන් මෙලෙස සිය අදහස් පල කළා.

Share