මේ අතර ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද උදෑසන කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණියා.
ඇසුරුම් 17 ක් තුළ මෙට්‍රික් ටොන් 2.6 ක් බරැති ජල පිරිසිදු කරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍ය තවත් උපකරණ රාශියක් මෙම ගුවන් යානයේ ගෙන ආ බවයි වාර්තා වන්නේ.
මෙම ආධාර තොගය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණ සිටියා.
මේ අතර Rebuilding Sri Lanka පිලිබදව පාර්ශව රැසක් මෙලෙස අදහස් පල කළා.





