ස්වභාවික ආපදාවල දී වැඩිම හානි සිදුවිය හැකි රටවල් අතුරින් ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්ව ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශාධිපති මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා පවසනවා.
මහාචාර්යවරයා පවසන්නේ මෙරට කඳුකර කලාපයේ 64% ක පමණ ප්‍රමාණයක කඳුවල අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බවයි.
කැලණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශාධිපති මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා ෆේස්බුක් සටහනක් තබමින් ශ්‍රී ලංකාව ස්වභාවික ආපදා වල දී වැඩිම හානියට ලක්විය හැකි රටවල් අතර දෙවැනි තැනට පත්ව ඇති බව පවසනවා.
නායයෑම් යනු අතිශය ස්වභාවික සංසිද්ධියක් වුවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ද එය සිදුවිය හැකි බවයි එම සටහනේ දැක්වෙන්නේ.
ලංකාවේ කාලගුණික සහ දේශගුණික රටා අනුව භූමියේ කඳු මුහුණත් අංශක 60ට වැඩිනම් එම ප්‍රදේශ ඉබේම නායයෑමට හැකියාවක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ සඳහා නිශ්චිත කාල පරාසයක් කිව නොහැකි වුණත් මෙය ඕනෑම වේලාවක සිදුවිය හැකි බව එම සටහනේ සාඳහන්.
මහාචාර්යවරයා මෙම සටහන ඔස්සේ පෙන්වා දෙන්නේ අංශක 60ට වඩා වැඩි කඳුකර ප්‍රදේශයක් මිලිමීටර් 100 ඉක්මවා යන වර්ෂාපතනයක් දින කිහිපයක් තුල ඇති වුවහොත් එහිදී 90%ක නායයෑමේ සම්භාවිතාවයක් පවතින බවයි.
එවන් වර්ෂාපතනයක දී එය හෙක්ටයාර ගණනාවක් වර්ධනය වී මව් පාෂණයත් සමඟ තිබෙන ඝර්ෂණය අඩුවී පස් තට්ටුව පහළට තල්ලු වීමේ අවධානමක් පවතින බව මහාචාර්යවරයා සිය සටහන් මඟින් පවසන්නේ.
විශාල ගස් කපා ඉවත් කිරීම, තේ වතු සෑදීම, ගස් කපා ඉවත් කර කුඹුරු සැකසීම, කඳු සමතලා කර හෝටල් සැකසීම යන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ද මෙවැනි නාය යෑම් සිදුවිය හකි බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම මේ වන විට කඳුකරයේ අංශක 60ට වඩා වැඩි ආනතියක් සහිත භූමිවලින් 64%ක පමන ප්‍රමාණයක අනවසර ඉදිකිරීම් සිදුකරන අති අතර ඒවාට නිවාස, හෝටල්, ආදිය අයත් බවයි ඔහු පවසන්නේ.
ලංකාව තුළ භූමි පරිහරණ සැලසුමක් පවතින අතර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සහ මධ්‍යම පරිසර අධිකාරිය මෙම උචිත නොවන ඉදිකිරීම් පරීක්ෂාවට ලක් කළ යුතු බවටත් ඔහු අවධාරනය කරනවා.
කෙසේ වෙතත් මෙම අනවසර ඉදිකිරීම් සමීපව නිරීක්ෂනය කරන විට ඒවා සදාචාරාත්මක නොවන, ඉතාමත් අයුතු ආකාරයෙන් සිදුකර ඇති බව පෙනී යන බවයි මහාචාර්යවරයා අවධාරණය කරන්නේ.
ඒ අනුව මෙරට භූමි පරිහරණය කිසිදු සැලැස්මක් සහ ප්‍රතිපත්තියක් නොමැති තත්ත්වයට මේ වනවිට පත්ව ඇති බවත් එම සටහනේ සඳහන්.
මෙම අනවසර ඉදිකිරීම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව අපදාවක දී අතිශයින් හානියට ලක්විය හැකි රටක් ලෙස එක්සත් ජාතීන්ගේ වර්ගීකරණයේ පසුගිය අවුරුදු පහ පුරාම ලෝකයේ දෙවැනි තැන අත් කරගනිමින් රැඳී සිටින බවයි කැලණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශාධිපති මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා ෆේස්බුක් සටහනේ දක්වා ඇත්තේ.
මහාචාර්යවරයා සිය සටහන් මඟින් අවධාරණය කරන්නේ නිසි සැලැස්මක් සහිතව අවශ්‍ය ප්‍රතිපත්ති කඩිනමින් සකස් කර මේ ගැටළුවට වහ වහා පිළියම් යෙදිය යුතු බවයි.





