ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී සිදුවූ අනතුරකින් මගීන් 21 දෙනෙක් මියගොස් තිබෙනවා.
මාලගා සිට මැඩ්රීඩ් දක්වා ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රියක් පීලි පැන අනෙක් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
අනතුරෙන් තවත් 73 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය සඳහන්කර ඇත්තේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය දෙකේ මගීන් 400ක් පමණ සිට ඇතැයි සඳහන්.





