දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ ජනතාව රැඳී සිටින මාවනැල්ල වැලිවතුර ශ්‍රී මධ්‍ය මණ්ඩලාරාම විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති සහන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැමිණියා.
මෙහි දී සහන මධ්‍යස්ථානයේ ජනතාවගේ ජල අවශ්‍යතාව සලසා ගැනීම සඳහා අවශ්‍යව තිබූ ජල මෝටරයක්ද විපක්ෂනායකවරයා විසින් පරිත්‍යාග කර තිබෙනවා. විපක්ෂ නායකවරයා මෙම සහන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියේ ඊයේ පස්වරුවේයි.
එහි දී මෙම සහන කඳවුරේ ජනතාවගේ පරිභෝජනයට ජලය සපයා ගැනීම සඳහා ජල මෝටරයක් අවශ්‍ය වී තිබූ බැවින් එම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම ජල මෝටරය ලබා දීමට කටයුතු කරනු ලැබුවා.
සහන මධ්‍යස්ථානයේ සිටින අර්ධ වශයෙන් නිවාස හානි වූ ජනතාව නැවත එම ස්ථාන වෙතම යොමු කිරීමට කටයුතු කරන බව මෙහිදී අවතැන් වූ ජනතාව විපක්ෂනායකවරයා දැනුවත් කර තිබෙනවා.
ඒ් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත්කරන බවත් සහන මධ්‍යස්ථානයේ සිටින ජනතාවගේ සහන සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් මෙහිදී විපක්ෂනායකවරයා අවධාරණය කරනු ලැබුවා.





