ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සියලුම පහසුකම් ලබා දෙනවා

පෙබරවාරි 04 වැනිදා ඇරඹෙන ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය සඳහා රජයක් ලෙස ලබා දිය හැකි සියලුම පහසුකම් සැලසීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා.
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

අපගේ බෞද්ධ බැඳීම් ගැඹුරු කිරීමට ගන්නා පුළුල් පරාසයක ද්වීපාර්ශ්වික මුලපිරීම් ඉන්දියා – ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සුවිශේෂී ශක්තිය වන අපගේ අසමසම ජනතා සබඳතාවය ප්‍රදර්ශනය කෙරෙන තවත් පැතිකඩක්. දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනය බැතිමතුන්ට බුදුන් වහන්සේ වන්දනාමාන කිරීමට පමණක් නොව ඉන්දියා – ශ්‍රී ලංකා හවුල්කාරීත්වයට අන්‍යොන්‍ය විශ්වාසය සහ හොඳහිතනවදුරටත් ඉහළ නැංවීමට ද අවස්ථාවක් වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

Share