වෙනිසියුලාවේ ඇමරිකානු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද රැස්වීමට නියමිතයි

මේ අතර එක්සත් ජනපදය, වෙනිසියුලා ජනාධිපතිවරයා පැහැර ගැනීමේ සිදුවීම භයානක පූර්වාදර්ශයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කර තිබුණා.
ඒ් සම්බනධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබියදී මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් කරන ලෙසට ද රටවල් කිහිපයකින්ම ඉල්ලීම් ඉදිරිපත් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර වෙනිසියුලාවට එල්ල කරන එක්සත් ජනපද ප්‍රහාර නතර කරන ලෙසටත්, ලතින් ඇමරිකානු කලාපයට එරෙහි අධීරජ්‍යවාදී අතපෙවීම් නවතන ලෙසටත් බලකරමින් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පස්වරුවේ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට දී පැවැත්වුණා.
එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ආක්‍රමණශීලී ක්‍රියාකලාපය පිළිකුලට ලක් කෙරුණු එම උද්ඝෝෂණයට එක්වූ විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ අසල්වැසි කුඩා රටවල් ආක්‍රමණය කිරීමේ මෙම ඇමරිකානු පිළිවෙත, හෙට සෙසු බලවත් රටවල් ද ආදර්ශයට ගැනීමට ඉඩ ඇති බවයි.

Share