ජනාධිපති නිකොලස් මධුරෝ බලයෙන් ඉවත් කළ හදිසි හමුදා මෙහෙයුමෙන් පසු, වෙනසියුලාව තෙල් බැරල් මිලියන 50ක් දක්වා එක්සත් ජනපදයට භාර දෙනු ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
වෙනසියුලාවෙන් ලැබෙන තෙල් එහි වෙළඳපොළ මිලට විකුණන බවත්, එම මුදල් තම පාලනය යටතේ වෙනසියුලාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්රතිලාභ සැලසීමට භාවිතා කරන බවත් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබෙනවා.
මාස 18ක් ඇතුළත වෙනිසියුලාවේ එක්සත් ජනපද තෙල් කර්මාන්තය යළි සක්‍රීය කරන බවත් ඒ් වෙනුවෙන් තමන් විශාල ආයෝජන ගලා එනු ඇතැයි අපේක්ෂා කරන බවත් ට්‍රම්ප් පවසනවා.
ඒ් සමගම පසුගිය දා එක්සත් ජනපද ජනාධිපතිවරයා NBC ප්රවෘත්ති සේවය සමග සඳහන් කර තිබුණේ “තෙල් නිෂ්පාදකයෙකු වන වෙනිසියුලාවක් තිබීම එක්සත් ජනපදයට වාසියක් බවයි. එවිට අපිට තෙල් මිල අඩු මට්ටමක තබා ගනීමට හැකි වෙනවා. ට්‍රම්ප් සඳහන් කර තිබුණා.
එසේම එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ සතියේ ප්‍රධාන එක්සත් ජනපද ඛනිජ තෙල් සමාගම්වල නියෝජිතයින් හමුවීමට සැලසුම් කර ඇති බව ද එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.





