විපක්ෂයේ විරෝධය හමුවේ ගාල්ල මහ නගර සභා විශේෂ මහා සභා රැස්වීම උණුසුම් වෙයි

ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීම අද පැවැත්වුණු අවස්ථාවේදී විපක්ෂය නගර සභා ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
එහිදී ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ දැඩි විරෝධය හමුවේ නගරාධිපතිවරයාට සිදුවූයේ සභා වාරය කල් තැබීමටයි. ගාල්ල මහ නගර සභාවේ අද විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වුණා.
නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟ නගර සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පළ වූයේ දැඩි විරෝධයක්.

පසුගිය වර ගාල්ල මහ නගර සභා අයවැය පැවති අවස්ථාවේදී තමන්ගේ ඡන්දය වැරදි ආකාරයෙන් සටහන් කරගත් බවට නගර සභා කාර්ය මණ්ඩලයට විපක්ෂ මන්ත්‍රිවරුන් චෝදනා කළා.
අනතුරුව නගරාධිපතිවරයා විසින් කාරක සභා අවස්ථාව නිවේදනය කිරීමත් සමඟ විපක්ෂ මන්ත්‍රිවරුන් ලේකම් මණ්ඩලය සිටින ස්ථානයට ජල ප්‍රහාරයක් ද එල්ල කරමින් තම විරෝධය පළ කළා.

මෙහිදී පැවති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ නගරාධිපතිවරයාට සිදුවූයේ විනාඩි 30කට සභාව කල් තැබීමටයි. නග්ස්‍ර සභාවේ පැවති තත්ත්වය පිළිබඳ විපක්ෂ මන්ත්‍රිවරුන් ද අදහස් පළ කළා.

Share