මේ අතර ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් තවදුරටත් වාන් දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ඒ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව වාන් දොරටු 02ක් අඩි 06 බැගින් විවෘතර අතර රාජංගනය වාන් දොරටු 04ක් අඩි 05 බැගින් සහ වාන් දොරටු 02ක් අඩි 04 බැගින් විවෘත කර තිබෙනවා
තවද නාච්චාදූව වාන් දොරටු 04ක් අඩි 04 බැගින් සහ වාන් දොරටු 03ක් අඩි 02 බැගින් සහ අංගමුව වාන් දොරටු 02ක් අඩි 02 බැගින් විවෘතර ඇති බවයි සදහන් වන්නේ.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල වාන් දොරටු 03 ක් අඩි 01 බැගින් විවෘතර ඇති අතර වික්ටෝරියා වාන් දොරටු 06 ක් 70cm බැගින් විවෘත කර තිබෙනවා
රන්දෙණිගල ද වාන් දොරටු 02 ක් 2.5m සහ 1m බැගින් සහ රන්ටැඹේ වාන් දොරටු 02 ක් 2m සහ 2.5m බැගින් විවෘත ඇති බවද වාර්තා වෙනවා
මීට අමතරව කුරුණෑගල ස්ත්‍රික්කයේ දැදුරුඔය වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් සහ අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය වාන් දොරටු 05ක් අඩි 02 බැගින් විවෘත කර තිබෙනවා.





