මිහින්තලේ සීප්පුකුලම, අඹගහවල ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් වන අලියෙකු පුලුස්සන දර්ශන ඇතුළත් වීඩියෝවක් පසුගිය දිනවල සමාජ් මාධ්‍ය ඔස්සේ සංසරණය වුනා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනව
මෙම වන අලියාගේ වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිළිස්සීමෙන් භීතියට පත්වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ. ඔත්පලව බිම වැටී සිටින වන අලියෙක් ගින්නෙන් පුලුස්සා හිංසා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. පසුගිය 16 වැනිදා මිහින්තලය – සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ නිවසක් පිටුපස වන අලියෙක් වැටී සිටියදී අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් වන අලියාට ප්‍රතිකාර කරමින් සිටියදී වන අලියා මිය ගොස් තිබෙනවා
වන අලියා මියයාම සම්බන්ධව සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිළිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි
ඒ අනුව, මිය ගිය වන අලියාට පාංශකූල කටයුතු සිදුකිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා
මේ අතර ඊයේ පස්වරුවේ මෙම වන අලියාට ගිනි තබා සත්ව හිංසාව සිදු කිරීමේ වරදට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මිහින්තලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්
මෙම සැකකරුවන් වයස අවුරුදු 42, 48 හා 50 වයස්වල පසුවන සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ
සැකකරුවන් අද අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි





