අනුරාධපුර – විහාර හල්මිල්ලකුලම ප්රදේශයේ වනඅලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇගේ දියණිය බරපතළ තුවාල ලබා තිබෙනවා. ඊයේ දහවල් කාන්තාව තම නිවස ඉදිරිපිට මල් කඩමින් සිටින අවස්ථාවේ වන අලි ප්රහාරයට ලක්ව ඇති අතර ඇය කෑ ගසන හඬ ඇසී එදෙසෙට පැමිණි දියණියද වන අලියාගේ ප්රහාරයට ලක්වුණා.





