ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
‘A Spirit of Dialogue’ යන තේමාව යටතේ අද සිට ලබන 23 වැනිදා දක්වා පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා, රාජ්‍ය නායකයින් ප්රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී විමට නියමිතයි.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළා.





