සිය ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමට රජය වෙත ලබාදුන් පැය 48ක කාලය අවසන් වූ වහාම සිය ක්‍රියාමාර්ග ත්‍රීවෘ කිරිමට හා තාවකාලිකව නවතා දැමු වැඩවර්ජන ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනතුරු අඟවනවා.
මේ අතර තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට ඉල්ලමින් පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වුණා. වසර 7ක පාසැල් තුළ සේවා කාලයක් හිමි තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් සිදුකළේ දීර්ඝ කාලයක සිටයි. කෙසේවෙතත් සිය ඉල්ලීමවලට නිසි විසඳුම් මෙතෙක් ලැබී නොමැති බවට චෝදනා කරමින් ඔවුන් පසුගිය 26 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්ද ආරම්භ කළ අතර එය තවදුරටත් පැවැත්වෙනවා. මාරාන්තික උපවාසයේ නිරත වන පිරිසගේ සුවදුක් විමසීම සඳහා අද පස්වරුවේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුළු පිරිසක් පැමිණියා.
මේ අතර සිය ගැටලුවලට විසඳුම් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් ලිඛිත එකඟතා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පසුගිය දින කිහිපයේම වෘත්තිය ක්‍රියාමාර්ග දියත්කළා. එම සංගමයේ මධ්‍යම කාරක සභාව ඊයේ කොළඹදී රැස්වුණු අතර සිය ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පැය 48ක කාලයක් ලබා දීමට තීරණය කර තිබුණා. එම කාලය තුළ සිය ගැටලුවලට නිසි විසඳුම් ලබාදීමට විෂයභාර අමාත්‍යවරයා අපොහොසත් වුවහොත් සිය වෘත්තිය ක්‍රියාමාර්ග තීව්‍රරකන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ. සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති එක්ව ඉදිරියේදී ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මූලස්ථානයේ අද පැවැත්වුණා.
තවද , මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකළාපයට එරෙහිව අපක්ෂපාති සහ සාදාරණ විමර්ශනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක නොවීමට එරෙහිව දිගින් දිගටම රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයද සිය විරෝධය පලකලා.
ඒ අනුව සියලුම රෝහල්වල ඊයේ ක්‍රියාත්මක කිඍීමට නියමිතව තිබූ වැඩවර්ජනය හෙට පෙරවරුවේ සිට ආරම්භ කිරිමට අද රැස්වීමට නියමිත සිය සංගමයේ විධායක කමිටුව තීරණය කරනු ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කරනවා.





