ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ජනවාරි මස 01 වැනිදා දින සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයට අදාලව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 150කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,250.00ක්.
එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 65කින් ඉහළ දමා ඇති අතර,එහි නව මිල රුපියල් 1,710.00ක්.
මෙම මිල සංශෝධනයට අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල මිල ගණන් ප්‍රවාහන වියදම් මත සුළු වශයෙන් වෙනස් වනු ඇති බවද ලාෆ්ස් ගෑස් සමාගම ප්‍රකාශ කරනවා .
සිලින්ඩරයේ ප්‍රමාණය
12.5 KG
5 KG

පැවති මිල
4100.00
1645.00

සංශෝධිත මිල
150.00
65.00

නව මිල
4250.00
1710.00

Share