රජයේ රෝහලක ප්‍රථමවරට ආහාර දෙපාර්තමේන්තුවක් අරඹයි

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි සහ රුචිකර ආහාර වේලක් ලබාදීමේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහලේ දී හෙට ආරම්භ කෙරෙනවා.
රෝගීන්ට ලබාදෙන සාම්ප්‍රදායික තනි පිඟානක ආහාර වේල වෙනුවට, බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර ඇතුළු ආහාර අංග වෙන් වෙන්ව තැන්පත් කළ විශේෂ පිඟානකින් ආහාර පිරිනැමීම මෙම ව්‍යාපෘතියයි.
මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහල තුළ ස්ථාපිත කර ඇති එකවර රෝගීන් 2000කට පමණ ආහාර සැකසිය හැකි නවීන පහසුකම්වලින් සමන්විත මුළුතැන්ගෙය විවෘත කෙරෙන අතර එය “ආහාර පාන දෙපාර්තමේන්තුව” ලෙස නම් කරනු ඇති.

සාම්ප්‍රදායික තනි පිඟානක ආහාර වේල වෙනුවට, වෙන් වෙන්ව තැන්පත් කළ විශේෂ පිඟානක රෝගීන්ට ආහාර පිරිනැමීමේ නියමු ව්‍යාපෘතිය හෙට මහරගම අපේක්ෂා රෝහලෙන් ඇරඹෙයි
අපේක්ෂා රෝහලේ ස්ථාපිත නවීන පහසුකම්වලින් සමන්විත “ආහාර පාන දෙපාර්තමේන්තුව” විවෘත කෙරේ.

Share