යූ. ඩී. එම්. බණ්ඩාර රඹුක්වැල්ල ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් නඩු කටයුතු වේගවත් කිරීමේ අරමුණෙන් විශේෂ මහාධිකරණ කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා.

මේ අතර හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අයථා ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණයට සහාය ලබා දීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ මැණික් ව්‍යාපාරිකයෙකු වන යූ.ඩී.එම්. බණ්ඩාර රඹුක්වැල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කෙරුණා.
අල්ලස් කොමිසම එහිදී අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් මේ අවස්ථාවේදී සැකකරුට ආපු ප්‍රදානය කළොත් විමර්ශන කටයුතුවලට බාධා විය හැකි බවයි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

Share