ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට පස්වරුවේ මෙරටට ඇතුලුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ හෙට සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ මඩකලපුව අතරින් මෙම පද්ධතිය ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළුවීමට බොහෝදුරට හැකියාව ඇති බවයි.
පද්ධතියේ බලපෑමෙන් හෙට දිනයේ දී දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී.150ත් 200ත් අතර වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද පස්වරු 3.30 වන විට පොතුවිල් සිට කිලෝ මීටර් 250ක් පමණ ගිනිකොන දෙසින් ස්ථානගතව පැවතියා.
එම පද්ධතිය හෙට සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළ මෙරටට ඇතුලුවනු ඇති.
ඒ හම්බන්තොට සහ මඩකලපුව අතරින්.
මේ අතර නවදිල්ලිහි සුළිකුණාටු පිලිබඳ කලාපීය කාලගුණ විශේෂඥ මධ්‍යස්ථානය නිවේදනය කළේ මෙම පද්ධතිය සුළිකුණාටුවක් වීම සහ නැගෙනහිර වෙරළින් ශ්‍රී ලංකාව තුළට ගමන් කිරීමේ මධ්‍යම මට්ටමේ හැකියාවක් පවතින බවයි.
මේ අතර කාලගුණ පුරෝකථන උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා කියා සිටියේ මෙම තත්ත්වය තුළ යම් ආපදාවක් ඇති වුවහොත් ඊට මුහුණු දීමට සියල්ල සූදානම් බවයි.
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ – අධ්යක්ෂ ජනරාල් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
මේ අතර ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ද නිකුත් කර ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළමනාකරණය කරනු ලබන වැව් සහ ජලාශවල ජලය සියයට 80ක් – 90ක් අතර ප්‍රමාණයක් පිරී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
මේ අතර නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථානවෙත ගමන් කරන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළා.
මේ අතර අද දවස පුරාම අම්පාර නගරය ඇතුලු ප්‍රදේශ රැසකටම දැඩි වර්ෂාවක් ඇද හැලෙන බවද අප වාර්තාකරුවන් කියා සිටියා.
එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ද ප්‍රදේශ රැසකටම අද පෙරවරුවේ සිට දැඩි වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.
ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ මහවැලි ජලාශයේ වාන් දොරටු හතෙන් තුනක් මේ වන විට විවෘත කර තිබෙනවා.
ඒ අනුව උල්හිටිය ඔය දෙපස ජනතාව විමසිලිමත්ව සිටින ලෙස ජලාශයේ නේවාසික තාක්ෂණික නිලධාරීවරයා පවසනවා.
රාජාංගන ජලාශයේ මේ වෙන විට වාන් දොරටු හතරක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ගණ අඩි 2322 ක් කලාඔයට මුදා හැරෙනවා.





