ආපදාවෙන් අඩපණ වූ මෙරට අධ්‍යාපන පද්ධතිය නැවත නගාසිටුවීම සඳහා ඉදිරිපත් කල යුනිසෙෆ් සංවිධානයේ ව්‍යාපෘති සැලැස්ම පිළිබද සාකච්ඡාවක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා
ආපදාවෙන් විපතට පත් පාසල් ඇතුලු අධ්‍යාපන ආයතනවල සිටින සිසුන් සහ කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී තිබෙනවා.
‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අඩපණ වූ මෙරට අධ්‍යාපන පද්ධතිය නැවත නගාසිටුවීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා
අධ්‍යාපන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම ආයතනවල සිදු වූ හානියේ ස්වභාවය වර්ග කර, ඒවා කඩිනමින් පිළිසකර කිරීම සහ සම්පූර්ණ වශයෙන් හානි වූ පාසල් වෙනුවට විකල්ප ඉගෙනුම් මධ්‍යස්ථාන සෑදීම වැනි යටිතල පහසුකම් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම යුනිසෙෆ් සැලසුමේ අන්තර්ගතයි.
එමෙන්ම පීඩාවට පත් ගුරුවරුන්ගේ පෞද්ගලික අලාභහානි පිළිබඳ සොයා බලා ඔවුන්ට පාසල්වලට පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම වැනි අධ්‍යයන කාර්ය මණ්ඩල සවිබල ගැන්වෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, සිසුන්ට අහිමි වූ පොත්පත් උපකරණ නැවත ලබා දී ඔවුන්ගේ මානසික යහපැවැත්ම හා ආරක්ෂාව තහවුරු කිරීම වැනි සිසුන්ගේ ආරක්ෂාව සහ ඉගෙනීමේ අඛණ්ඩතාවය රැකගැනීම පිළිබඳවත් මෙම සැලසුමට අයත්.
තවද කිසිම සිසුවෙකුට අධ්‍යාපනය මඟ නොහැරෙන පරිදි, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන විෂය කාලසටහන් නම්‍යශීලී කිරීමටත්, භෞතිකව පැමිණිය නොහැකි සිසුන් සඳහා ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද සකස් කිරීමට අදාළ සැලසුම්ද යුනිසෙෆ් ව්‍යාපෘති වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙනවා.





