මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 220ක් සොයාගැනේ

මේ අතර අද අලුයම ඕමානයේ මස්කට් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 220ක් සොයා ගෙන තිබෙනවා.
සැකකරු 37 හැවිරිදි වියේ පසුවන රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන තැනැත්තකු බව පොලිසිය පැවසුවා.
එම ගුවන් යානයේ ම පැමිණි තවත් මගීන් තිදෙනෙක් සතුව තිබී කුෂ් හා හෂීෂ් කිලෝ ග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
ඔවුන් රැගෙන ආ ගමන් මලු පහක පැකට් ලෙස අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය පැවසුවා.
කුෂ් කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 394ක් සහ හෂීෂ් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 912ක් මෙලෙස සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනෙක් නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙක් ව්‍යාපාරිකයෙක් සහ අනෙකා පෙදරේරුවෙක්.
අනෙක් සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව පොලිසිය පැවසුවා.

Share