මීටියාගොඩ වැටලීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සහෝදරයෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීටියාගොඩ පොලිස් වසමේ සිදු කළ වැටලීමකදී නීති විරෝධීව T-56 ගිණි අවියක්, ගිණි අවි කොටස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට බන්ධනාගාරගතව සිටින දසුන් රාජකරුණා යන අයගේ සහෝදරයෙකු බවයි පැවසෙන්නේ.

Share