පොලිසියට එරෙහිව ඇමෙරිකානුවන් පාරට

අනවසර සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කරමින් සිටි එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ පොලිස් ඒ්කකයේ නිලධාරීන් මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස්හිදී 37 හැවිරිදි එක්සත් ජනපද තරුණියක වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව විරෝධතා ආරම්භ වී තිබෙනවා.
වෙඩි වැදී මියගිය රෙනී නිකොල් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම නිසා වෙඩි තබා ඇතැයි පොලිසිය පවසනවා.
සිද්ධියේ වීඩියෝ දර්ශන නිකුත් කර ඇති අතර එම දර්ශන මගින් පෙනෙන්නේ වීදිය මැද නවතා ඇති මෝටර් රථයක් වෙත පොලිස් නිලධාරීන් ළඟා වෙද්දී වාහනය ධාවනය කිරීමට උත්සාහ කරන ආකාරයයි.
එහිදී එක් නිලධාරියෙකු මොටර් රථයේ රියදුරු අසුන දෙසට තුවක්කුව දිගු කරන අතර එවිටම වෙඩි හඬක් ද ඇසෙනවා.

Share