ජාතික ජන බලවේගය බලය හිමි කොළඹ මහ නගර සභාවේ පළමු අයවැය ඊයේ වැඩි ඡන්ද තුනකින් පරාජය වුණා. විපක්ෂ මන්ත්රීවරුන් විසින් පරාජයට පත්කළේ,මාලිමාවේ අයවැයක් නොව ඔවුන්ගේ හෘද සාක්ෂියේ අයවැය බව කොළඹ පුරපතිනි ව්රායි කැලී බර්තසාර් සැසිවාරය අමතමින් සඳහන් කළා. ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය ඊයේ පරාජයට පත්වුණා.
අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණයි. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා ද කොළඹ නගර සභාවේ අයවැය පරාජය කරමින් විපක්ෂ මන්ත්රී කණ්ඩායම ලබා ගත් ජයග්රහණය සම්බන්ධයෙන් අදහස් පල කළා.
කෙසේ වෙතත් පළාත් පාලන නීතියට 2008 දී කළ සංශෝධනය අනුව අයවැය පරාජය වීම හේතුවෙන් පළාත් පාලන ආයතනයක බලය අහිමි වන්නේ නැහැ.
සති දෙකක් තුළ දෙවැනි වරටත් අයවැය ඉදිරිපත් කළ යුතු අතර එය ද පරාජය වුවහොත් ආයතන ප්රධානියාට ස්වකීය අනුමැතිය යටතේ එය ඉදිරියට ගෙන යා හැකි බව මැතිවරණ නීති විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.





