මාදුරුඔය රක්ෂිතයේ දී දඩයමේ ගිය පුද්ගලයන් දෙදෙනෙකුට එල්ල වූ වෙඩි ප්‍රහරයකින් එක් අයෙක් තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩි ප්‍රහාරය යම්කිසි පුද්ගලයෙක් විසින් එල්ල කළේ ද නැතහොත් බඳින තුවක්කුවක් පත්තු වීමෙන් සිදු වූ අනතුරක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
මාදුරුඔය රක්ෂිතයේ නීලාගලගොඩ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පුද්ගලයන් දෙදෙනෙකු කොටන තුවක්කුවක් රැගෙන දඩයමේ ගොස් තිබෙනවා.
එක් අයෙක් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ වනාන්තරය තුලදීයි.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී තුවාල ලබා ඇත්තේ දඹාන මහියංගන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරුව තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් මහියංගණය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා.
තුවාලකරුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.
වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ කොටන තුවක්කුවකින් බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිසිය පැවසුවා.
තුවාල ලැබූ පුද්ගලයා සමග දඩයමේ ගිය අනෙක් පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ ඔහු සමග පෞද්ගලික ආරවුලක් ඇති අයෙක් මෙම වෙඩිතැබීම කළ බවට සැකකරන බවයි.
කෙසේවෙතත් පොලිසිය පැවසුවේ කිසියම් පුද්ගලයෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වූවාද නැතහොත් සතුන්ට උගුල් ඇටවූ කොටන තුවක්කුවක ගැටී අනතුර සිදුවූවාදැයි සම්න්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.





