මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීම සඳහා පුලුල් බලතල සහිත නව අධිකාරියක් පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
පසුගිය වසරේ මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන අද ආරම්භ වුණේ ගම්පොළ, දොරගල, පීකොක් හිල් ජනපදයේ, ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන්.
දිට්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන 1350කට පමණ හානි සිදුව ඇති බවත්, ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන අතර සහ සබඳතාව යළි තහවුරු කිරීම වෙනුවෙන් එම සිද්ධස්ථාන කඩිනමින් යළි ගොඩනැගීමට කටයුතු කරන බව උත්සවය අමතමින් ජනාධිපතිවරයා පැවසුවා. උත්සවයට පැමිණ සිටි ප්‍රදේශයේ ජනතාව සමඟ අදහස් හුවමාරු කරගැනීමටද ජනපතිවරයා අමතක කළේ නැහැ.





