එක්සත් ජනපදය විසින් පැහැරගනු ලැබූ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ අද එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කරන බව රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර තිබෙනවා.
ඊයේ මාධ්‍ය අමතමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ඛනිජ තෙල් කර්මාන්තයේ ආයෝජන බලාත්මක කිරීම හැර, වෙනිසියුලාවේ එදිනෙදා පාලනයට එක්සත් ජනපදය ඉදිරියේදී මැදිහත් නොවන බවයි.
මේ අතර එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර ඇත්තේ එක්සත් ජනපදය තෙල්වලින් පොහොසත් ජාතියක් බවට පත්කිරීමේ ප්‍රතිපත්තිය යටතේ වෙනිසියුලා තෙල් කර්මාන්තය සඳහා ආයෝජනය කිරීමට එක්සත් ජනපද සමාගම් දිරිමත් කර ඇති බවයි.
එක්සත් ජනපද ආයෝජකයින් සම්බන්ධයෙන් වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති රොඩ්රිගස් හරි දේ නොකළහොත් ඇයට ද “විශාල මිලක් ගෙවීමට සිදුවනු ඇති බවට එක්සත් ජනපද ජනාධිපතිවරයා ද අත්ලාන්තික් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අනතුරු අඟවා තිබුණා
ඒ් සමගම එක්සත් ජනපදය වෙනිසියුලානු නායකයා පැහැරගැනීමෙන් දිනකට පසු ඩෙන්මාර්ක් අගමැතිනි මෙට් ෆ්‍රෙඩ්රික්සන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එක්සත් ජනපදය, ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට තර්ජනය කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටින බවයි
ඇමරිකා එක්සත් ජනපදයට ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට අවශ්‍ය බව කීම කිසිසේත්ම තේරුමක් නැති දෙයක් බවත් ඩෙන්මාර්ක් රාජධානියේ රටවල් තුනෙන් කිසිවෙක් එක්සත් ජනපදයට ඈඳා ගැනීමට එක්සත් ජනපදයට අයිතියක් නොමැති බවත් ඇය සඳහන් කර තිබුණා
එක්සත් ජනපදයේ ආරක්ෂාව වෙනුවෙන් නියත වශයෙන්ම ග්‍රීන්ලන්තය අවශ්‍ය බව පසුගිය සතියේ ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාවක දී යළි අවධාරණය කර තිබූ අතර, එක්සත් ජනපදය වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ පැහැරගැනීමේ සිදුවීමෙන් අනතුරුව ග්රීන්ලන්තයඅත්පත්කරගැනීමේ අවදානම සම්බන්ධයෙන් ආතතීන් උත්සන්න වී තිබෙනවා.





