බුද්ධත්වයෙන් නව වැනි මස ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූයේ අද වැනි දුරුතු පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.
මහියංගණයෙහි පිහිටි “මහානාග” නම් උයනේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර අරගලයක් සමතයට පත් කිරීම සඳහා බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ බව පැවසෙනවා.
එහි පැමිණ සිටි සුමන සමන් නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදුවහන්සේ කේශ ධාතු මිටක් ලබා දී ඇති අතර සුමන දෙවියන් විසින් බුදුරජුන් වැඩ සිටි ස්ථානයෙහිම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10ක් උස ස්තූපයක් කර වූ අතර මියුගුණ හෙවත් මහියංගණ චෛත්‍ය එම ස්තූපයයි.
බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට වේළුවනාරාමය පූජා කිරීම ද දුරුතු පොහෝ දින වැදගත් ශාසනික සිදුවීමක්.
මේ අතර දුරුතු පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණා.
දුරුතු පොහොය වෙනුවෙන් ටීවී සුප්‍රීම් සංවිධානය කළ ‘පෝදා ධර්ම සංග්‍රාමය’ විශේෂ පෝය වැඩ සටහන මෙවර පැවැත්වෙන්නේ මහියංගනය රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින්





