ආපදාවෙන් බිඳ වැටුණු සන්නිවේදන ජාලා හෙට වන විට සම්පූර්ණයෙන්
යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ නාය යාම් සහ ජල ගැලීම් නිසා ස්ථාන 11කින් පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය විසන්ධි වී ඇති බවයි.
පැය 24ක් තුළ ඉන් ස්ථාන 9ක් පිළිසකර කිරීමට හැකි වූ බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා.





