බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබාදීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.

දිට්වා සුලි කුණාටුවෙන් පිඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජිවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සහ අත්‍යවශය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණා.

මේ අතර, ඊයේ පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව රැදී සිටින සුරක්ෂිත මධ්‍යස්ථානයක් වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා බැලුවා.

Share