බංග්ලාදේශයේ දී තරුණ ශිෂ්‍ය නායක ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතනය කිරීමෙන් දින කිහිපයකට පසු, හඳුනා නොගත් තුවක්කුකරුවන් පිරිසක් එරට නිරිතදිග කුල්නා නගරයේ දී තවත් ශිෂ්‍ය නායකයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ ජාතික පුරවැසි පක්ෂයේ නායකයෙක්.
අගමැතිනි ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීග් රජය බලයෙන් පහ කිරීමට හේතු වූ පසුගිය වසරේ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විරෝධතාවල ප්‍රමුඛ නායකයෙකු වූ හාඩි, දෙසැම්බර් 12 වැනිදා ඝාතනය කෙරුණු අතර ඉන් පසු රට තුළ යළි විරෝධතා ආරමිභ වුණා.
මේ අතර බංග්ලාදේශයේ දී හින්දු ජාතිකයෙක් ඝාතනය කිරීම හෙළා දකිමින් දිල්ලියේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඇතුළු ස්ථාන කිහිපයක විරෝධතා ආරම්භ වී තිබෙනවා.
විශ්ව හින්දු පරිෂද් විරෝධතාකරුවන් ආරක්ෂක හමුදා සමඟ ගැටෙමින් ගොඩනැගිල්ල දෙසට ගමන් කිරීමට උත්සාහ කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර බංග්ලාදේශයේ සිදු වූ හින්දු ජාතිකයාගේ ඝාතනය හෙළා දකිමින් ඇමරිකානු නීති සම්පාදකයින් ද ආගමික සුළුතරයන් ආරක්ෂා කර නීතියේ ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කරන ලෙස බංග්ලාදේශ බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.





