පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තිබී ගිනිඅවි දෙකක් සොයා ගැනේ

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ සෝදිසියක දී පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ 20 කණුව ආසන්න ප්‍රදේශයේදී දුරකථන කණුවක් අසල තිබී ගිනිඅවි දෙකක් සොයා ගෙන තිබෙනවා
මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, එයට යොදන ලද පතරොම් 04ක් හා විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ අවියක්.

Share