ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ටවැඩි තද වැසි

උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ටවැඩි තද වැසි ඇති විය හැකි බව අද දිනය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
පවතිවන වැසි තත්ත්වයත් සමග වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ ඇතුලු ජලාශ රැසක් වාන් දමන බව මහවැලි අධිකාරිය නිවේදනය කළා.
මේ අතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

Share