පොලිස් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඔහු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුට පසුගිය ජනවාරි 08 වැනිදා කළ පහරදීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුව ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා අද පෙරවරුවේ වැල්ලවත්ත පොලිසියට කැඳවා තිබුණා.
එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හේමාල් රණසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු ඉදිරිපත් කෙරුණේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි.
කරුණු සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට නියෝග කළා.
මැයි 14 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතයි.





