නුසුදුසු වචන ඇති ඉංග්‍රීසි පාඩම

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය සඳහන් කර තිබීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අද අපරාධ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය බෙදා හැරීම මේ වන විට අත්හිටුවා ඇති බවයි.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුලත් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළු යව මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ම අමාත්‍යාංශය පවසන්නේ අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති බවයි.
කෙසේ වෙතත් එම පැමිණිල්ල ලැබෙන විටත් ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය මුද්‍රණය කර අවසන් කර තිබූ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම මොඩියුලය බෙදාහැරීම මේ වන විට අත්හිටවා තිබෙනවා.
ඊට අමතරව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් සිදු කෙරෙන පරීක්ෂණයට අමතරව විශේෂ විමර්ශනයක් ද සිදුකරන ලෙසට ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිණිල්ලක් සිදු කිරීමට ද අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර මෙම ගැටළුව සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා.

Share