නීපා වෛරසයේ අවදානම

ශ්‍රී ලංකාව තුළ නිපා වෛරස් රෝගය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, කඩිනමින් රෝගීන් හඳුනා ගැනීමට අවශ්‍ය ශක්තිමත් රෝග ආවේක්ෂණ පද්ධතියක් මෙන්ම, රෝගියකු හඳුනාගත හොත් වහාම ප්‍රතිචාර දැක්වීම හැකියාව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවයි.

ආසියානු කලාපයේ පැතිර යන මාරාන්තික නිපා වෛරස් ව්‍යාප්තියෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ලවී නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.
නිපා වෛරස රෝගය යනු ප්‍රධාන වශයෙන් පලතුරු වවුලන් අතර දක්නට ලැබෙන ආසාදන රෝගයක්.
මෙම ආසාදිත සත්ත්වයන් හෝ ආසාදිත ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති වීමෙන් මෙම රෝගය මිනිසුන්ට බෝ විය හැකි අතර, මිනිසුන් අතර ආසාදනය වීම සිදුවිය හැක්කේ සමීප හා දිගුකාලීන සම්බන්ධතාව වලින් බවයි වාර්තා වන්නේ.
මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව වැනි වාතයෙන් පැතිරෙන වෛරසයක් නොවන අතර, සාමාන්‍ය හෝ අහඹු සම්බන්ධතා මඟින් පහසුවෙන් පැතිර නොයන බවද සදහන්
මේ අතර නිපා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් රැසක් සිය ගුවන් තොටුපළවල පරීක්ෂණ කටයුතු මේ වන විට දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මේ වන විට මෙම නිපා වෛරසය ආසාදිතයන් අස්ලවැසි ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් වාර්ථා වෙමින් පවතින බවයි විදේස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙම නිපා වෛරසයට එරෙහිව මෙතෙක් එන්නතක් හෝ නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැති අතර, පූර්ව ආරක්ෂාව වඩාත් වැදගත් බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ නිපා වෛරස් රෝගය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, වාර්තා වලට අනුව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන්, මෑත කාලයේදී නිපා වෛරස රෝගීන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තවමත් අන්තර්ජාතික සංචරණ සීමා පැනවීම නිර්දේශ කර නොමැති බවත් එම නිවේදනයේ සදහන්
කඩිනමින් රෝගීන් හඳුනා ගැනීමට අවශ්‍ය ශක්තිමත් රෝග ආවේක්ෂණ පද්ධතියක් මෙන්ම, රෝගියකු හඳුනාගත හොත් වහාම ප්‍රතිචාර දැක්වීම හැකියාව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවද එම නිවේදනයේ දැක්වෙනවා.
ඒ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සතු, රෝග නිර්ණය කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් ද ඇතුළත් වන බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන්.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් අදාළ අන්තර්ජාතික ආයතන සමග සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරමින් කලාපීය රෝග තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර නිවැරදි තොරතුරු සඳහා නිල නිවේදන සහ විශ්වාසනීය මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තැබීමට ජනතාවට උපදෙස් දෙනු ලබන බවද අදාල නිවේදනයේ සදහන්.

මේ අතර ආසියානු කලාපයේ පැතිර යන මාරාන්තික නිපා වෛරස් ව්‍යාප්තියෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ලවී නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසනවා.

Share