මෙරට ප්රබලතම රග්බි ක්‍රීඩා සමාජයක් වන මහනුවර කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩාංගණය වන නිත්තවෙල ක්‍රීඩාංගණයේ තවදුරටත් තරග පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා රග්බි කවුන්සිලය රැස් වී තිබෙනවා.
මෙම රැස්වීමේදී තීරණය කර ඇත්තේ මින් ඉදිරියට මහනුවර නිත්තවල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා මහනුවර ක්‍රීඩා සමාජය විසින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ යුතු බවටයි.
ඒ පසුගිය ඉරිදා මහනුවර කණ්ඩායම සහ සී.එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම අතර පැවති තරඟයෙන් අනතුරුව ප්‍රේක්ශකයින් සහ ක්‍රීඩකයින් අතර මතුවූ උණුසුම් තත්ත්වය හේතුවෙන්.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ සී.එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම අතර තරගයක් පසුගිය ඉරිදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
මේ තරඟය නිමා වූයේ ලකුණු 34 බැගින් දෙපිලම ලබා ගනිමින් ජය පරාජයෙන් තොරවයි.
කෙසේ වෙතත් තරගයේ අවසන් විනාඩියේ දී සී.එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට ලබා දුන් දඬුවම් උත්සාහක දිනුම හේතුවෙන් තරගය නිමාවීමෙන් අනතුරුව මහනුවර ප්‍රේක්ෂකයින් සහ සී.එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර උණුසුම් තත්වයක් ඇතිවුණා.
මෙහිදී ප්‍රේක්ෂකයින් චෝදනා කළේ තරගය විනිශ්චය කළ විනිසුරු සී.එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට පක්ෂග්රාහීව කටයුතු කළ බවයි.
කෙසේ වෙතත් නිත්තවල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරග අතරතුර මතුවන මේ උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රග්බි කවුන්සිලය ඊයේ රැස්වී තිබුණා.
මෙම සඳහා ක්‍රීඩා සංගම් විනිසුරු සංගමය, විනය කමිටුව ඇතුළු රග්බි කවුන්සිලයේ නියෝජනය කරන සියලු දෙනා එක්වී සිටියා.
කොළඹ ටොරින්ටන්හි රග්බි සංගම් මූලස්ථානයේදී පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියා.
මෙම රැස් වීම සඳහා එක්වී සිටි ශ්‍රී ලංකා රග්බි විනිසුරු සංගමය සභාපති ඩින්කා පීරිස් ද මෙහිදී අදහස් දැක්වුවා.





