වයඹදිග නයිජීරියාවේ අයි එස් ත්රස්තවාදීන්ට එරෙහිව අමෙරිකාව විසින් ‘දැවැන්ත හා මාරාන්තික’ ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
‘Truth Social’ හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, නයිජීරියවේ වෙසෙන අහිංසක කිතුනුවන් ඉලක්ක කර IS ත්රස්තයන් සිදුකරන කුරිරු ඝාතනයන්ට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බවයි.
“කිතුනුවන් ඝාතනය කිරීම නතර නොකළහොත්, වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි මම මීට පෙර මෙම ත්රස්තවාදීන්ට අනතුරු ඇඟවූවා. අද රාත්‍රියේත් එය එසේම විය” ට්‍රම්ප් සඳහන් කර තිබුණා.
කෙසේ නමුත් ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔහු සඳහන් කර නොමැති අතර, අමෙරිකානු හමුදාව ‘දැවැන්ත ප්රහාරයන් රැසක් සිදුකළ’ බව පමණක් තහවුරු කළා.
එමෙන්ම සිය නායකත්වය යටතේ රැඩිකල් ඉස්ලාමීය ත්රස්තවාදයට සමෘද්ධිමත්වීමට ඉඩ නොදෙන බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.
මේ අතර අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා ඇත්තේ, මෙම ප්‍රහාරයට නයිජීරියානු රජයේ සහයෝගය ලැබුණු බවයි.
ඒ බව නයිජීරියානු විදේශ අමාත්‍යවරයා ද ඒකාබද්ධ හමුදා ප්‍රහාරය තහවුරු කළා.





