නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්රාන්තයේ ජනාකීර්ණ මුස්ලිම් පල්ලියක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් පස් දෙනෙක් මිය ගොස් තිබෙනවා.
ඒ් සමගම බෝර්නෝ ප්රාන්තයේ අගනුවර වෙළඳපොළක් අසල සිදු වූ තවත් පිපිරීමකින් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව ද පොලීසිය සඳහන් කර තිබුණා.
ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් පිළිගෙන නැති නමුත් බොකෝ හරාම් සංවිධානය මෙම ප්රහාරය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.





