නඩු කටයුතු අවසන් වීමෙන් පසු හෙරොයින් කිලෝ 170 ක් විනාශ කිරීමට

නඩු කටයුතු අවසන් වීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය භාරයේ පැවති හෙරොයින් කිලෝ 170 ක ප්‍රමාණයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද පස්වරුවේ විනාශ කිරීමට නියමිතයි.
අදාළ මත්ද්‍රව්‍ය තොගය වනාතවිල්ලුව ලැක්ටොවත්තේ පිහිටි පොලිස් දහන උඳුන වෙත ප්‍රවාහනය කිරීම ඊයේ රාත්‍රියේ සිදු කෙරුණේ,පොලිස් විශේෂ කාර්ය බලකායේද ආරක්ෂාව මධ්‍යයේයි.

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ගොඩනගන ලද ‘රටම එකට’මෙහෙයුම් ක්‍රියාවලියේදී අත්අඩංගුවට ගන්නා ,විෂ මත්ද්‍රව්‍ය එම අවස්ථාවන් වලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණ අමාත්‍යාංශයට මීට පෙර උපදෙස් දී තිබුණා.
එම උපදෙස් අනුව මේ වන විට අදාළ නව නීති කෙටුම්පත සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිලිබඳව සාකච්ඡා කෙරුනේ පවතින ගැටලු නිරාකරණය කිරීමේ අපේක්ෂාවෙන්.
විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් විට එම ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමටත්, රස පරීක්ෂකවරයා කැඳවා එහි සාම්පලයක් ලබා ගැනීමට සහ ඉන් අනතුරුව, විෂ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමට හැකි වන පරිදි මෙම නීති සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා පැවසුවේ.
මෙම තත්ත්වය යටතේ නඩු කටුයුතු අවසන් වීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය භාරයේ පැවති හෙරොයින් කිලෝ 170 ක ප්‍රමාණයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද පස්වරුවේ විනාශ කිරීමට නියමිතව ඇත්තේ.
එම මත්ද්‍රව්‍ය තොගය වනාතවිල්ලුව ලැක්ටොවත්තේ පිහිටි පොලිස් දහන උඳුන වෙත ප්‍රවාහනය කිරීම ඊයේ රාත්‍රියේ සිදු කෙරුණේ,පොලිස් විශේෂ කාර්ය බලකායේද දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.

Share