දිවයිනට බලපෑ පීඩන අවපාතය තවදුරටත් දුර්වල වෙයි

මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන අවපාතය තවදුරටත් දුර්වල වෙමින් මෙරට කාළගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
ඒ අනුව ධීවර හා නාවුක කටයුතු සම්බන්ධයෙන් නිකුත් කර තිබු අනතුරු ඇඟවිමේ නිවේදන ඉවත් කර ඇති බව කාර්යය නියුතු කාළගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා සදහන් කළා.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් ඊයේ රාත්‍රී කාලයේ දී මුලතිව් ප්‍රදේශයේ වෙරළ තීරය හරහා ගමන් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නනේ මෙම පද්ධතියේ බලපෑම් උතුර – උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල අද දිනයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. මෙම පද්ධතියේ බලපෑම නිසා ඇති වූ මුහුදු රළ හේතුවෙන් පේදුරුතුඩුව මුර්ක්කම් වෙරළ තීරය ඛාදනය වී තිබෙනවා.
වෙරළේ නැගෙනහිර කොටසේ මුර්ක්කම් වෙරළ තීරයේ ළමා උද්‍යානය ඇතලු ඉදිකිරීම්වලට හානි වී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. සිදුව ඇති හානිය පේදුරුතුඩුව නගරාධිපතිවරයාගේ ද නිරීක්ෂණයට ලක් වුණා. අද උදැසන යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ හා වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් මීදුමෙන් වැසීගොස් තිබෙන අයුරු දක්නට ලැබුණා.

Share