දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගනියි

දෛනිකව මෙරටින් නව පිළිකා රෝගීන් 100 දෙනෙකු පමණ අලුතින් හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පවසනවා.
ඊයේ පැවැති ප්‍රවෘත්තී සාකච්ඡාවක දී ඇය කියා සිටියේ දෛනිකව පිළිකා හේතුවෙන් මෙරට මරණ 40ක් පමණ සිදුවන බවයි.

Share