දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ජල ගැලීම් නිසා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ රැසක් ජල ගැලීමට ලක් වුණා. මේ වන විට දිට්වා අවසන්ව මාස 02කට ආසන්න කාලයක් ගත වී තිබුණ ද ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල ජලය බැස ගොස් නෙමැතිවීම හේතුවෙන් ගැටලු රාශියකට මුහුණ දීමට එම ප්‍රදේශවල ජනතාවට සිදු ව තිබෙනවා.
කෙසේ වෙතත් දිගින් දිගටම මාධ්‍ය හරහා කළ හෙළිදරව් ක වලින් පසුව බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු වී තිබෙනවා.
ඒ අනුව විල්ලුවල ඉහළ ගොස් ඇති ජල මට්ටම කලපුව දක්වා මුදාහැරීමට සුදුසු ලෙස පුළුල් කාණු පද්ධති ඉදිකරමින් ජල මෝටර් උපයෝගි කරමින් ජලය මුදාහැරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්ථා වන්නේ.
විල්ලු 7කින් සැදුම්ලත් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මෙම ජල ගැලීම හේතුවෙන් ස්වර්ණමාලි විල්ලුව, 100 කෑල්ල, ජූල් විල්ලුව, වනාතවිල්ලුව, පෙරියනාගවිල්ලුව, එරනවිල්ලුව, සින්නනාගල්ලුව ආදි විල්ලු වල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගියා. ඒ නිසා සෘජුව ම පවුල් 135කට හා වක්‍රව තවත් පවුල් 365 දැඩි ආපදාවට ලක් වුනා.
තම ඉඩම් හා නිවාස මාස ගනනාවක් ජලයෙන් යටවීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා බලධාරින්ගේ අවධානය යොමුවුණේ ජනමාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ දිගින් දිගටම අනාවරණ කිරීමෙන් අනතුරුවයි
ගැටලුවට විසඳුම් සොයා බැලීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් මේ ප්‍රදේශයේ අවස්ථා කිහිපයක දී නිරීක්ෂණ චාරිකාවල ද නිරත වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙසයි එකතු වී ඇති ජලය, පොම්ප කිරීම සහ ගැඹුරු ඇළ මාර්ගයක් හරහා ඉවත් කිරීම කෙටිකාලීන විසඳුම් ලෙස යොජනා වුණේ.
අනතුරුව මෙම නිවාස වල සිටි ජනතාව මාසික කුලි පදනම මත කුලී නිවාස වෙත පදිංචි කිරීමට ද රජය කටයුතු කර තිබූ තිබුණා.
පසුව ඉහළ ගොස් ඇති විල්ලු ජල මට්ටම කලපුව දක්වා මුදාහැරීම සදහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ස්වර්ණමාලි විල්ලුවේ සිට වනාතවිල්ලුව දක්වා ජලය බැස යාමට පුළුල් කාණු පද්ධති ඉදි කෙරුනා.
මේ සඳහා නවීන යාන්ත්‍රික ජල මෝටර් උපයෝගි කරමින් ජලය මුදාහැරීම අඛණ්ඩව සිදු කිරිමට කටයුතු කර තිබුනේ මෙලෙසින්.
ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිළධාරින් සහ කාර්ය මණ්ඩලයේ සහය ඇතිව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණකාරණ ඒකකයේ අධික්ෂණය යටතේ මෙය ක්‍රියාත්මකයි. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ෆයිසල්, වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම්වරයා, දිස්ත්‍රික් සැලසුම් ඉංජිනේරුවරයා, පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ නිළධාරීන් ඇතුලු පිරිසකගේ නිරික්ෂණයෙන් මෙම කටයුතු සිදු කෙරෙනවා.





