දැයෙන් සමු ගන්නා ගී රැජින

දිවි ගමනට සමුදුන් හෙළයේ මහා ගීත කෝකිලාවිය කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ අද බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරෙනවා.

කොළඹ පෞද්ගලික මල් ශාලවක තැන්පත් කර තැබුණු ඇගේ දේහය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආවා.

පස්වරු 2 දක්වා දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබෙනු ඇති.

පුරා දශක අටකට ආසන්න කාලයක් තමන්ටම ආවේණික සුමදුර වූ කටහඬකින් ගී ගැයූ හෙළයේ මහා ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ලතා වල‍්පොල මහත්මිය 27 වැනිදා දිවියෙන් සමුගන්නා විට 91 වැනි වියෙහි පසුවුණා.

අද පෙරවරුව දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ ඇගේ දේහයට රසික රසිකාවියන්, දේශපාඥයින් ඇතුලු බොහෝ පිරිසක් අවසන් ගෞරව දැක්වූවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ පස්වරුවේ එහි පැමිණ හෙළයේ ගීත කෝකිලාවියට සිය අවසන් බුහුමන් දැක්වූවා.

Share