දරුවන් වෙනුවෙන් වැඩිහිටි විමල්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇති ගැටළු සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් දැනුවත් කිරිම සඳහා දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණියා. මේ අතර ගම්පහ සාම මහා විහාරස්ථානයේ අද පැවති වැඩසටනකට එක් වෙමින් පූජ්‍ය පාතේගම ඤාණීස්සර හිමියන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී මහ නායක හිමිවරුන්ගේ මැදිහත් වීම ප්‍රමාණවත් නැතැයි චෝදනා කළා. මේ අතර ගුරු විදුහල්පති වෘත්තිය සමිති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තවදුරටත් විරෝධය පල කරනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ආගම සම්බන්ධයෙන් දරුවන්ගේ ඇති හැඟීම විනාශ කරන බව දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලිංගික අධයාපනය මුවාවෙන් සමරිසි ප්‍රවණතාවන්ට දරුවන් පෙළඹවීමේ ස්වභාවයක්ද නිරීක්ෂණය වන බවයි.
හිටපු අමාත්‍යවරයා මේ අදහස් පල කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ගැටළු සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වෙත කරුණු පැහැදිලිකරමින්.

Share